දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඉහළට..ඔබ ඔබේ දරුවා පිළිබඳ සැලකිලිමත් ද?

Report

ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ඔහු පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුවිය යුතු බවයි.

එමෙන්ම මේ දිනවල රෝහල්වල වැඩිපුරම සිටින්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් බවත් කුඩා දරුවන් සහ වැඩිහිටියන් බහුතරයක් මෙම රෝග ලක්ෂණ සහිතව ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි .

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනයට බාධාවක්..

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනයට බාධාවක්..

ඉන්ෆ්ලුවෙන්සා නමැති වෛරසය (Influenza Virus) මගින් බෝවන මෙම රෝග ස්වසන මාර්ගයේ ආසාදනයට ලක් කරනු ලබයි.

එනිසා උණ, නාසයෙන් සොටු ගැලීම, උගුර වේදනාව, ඇඟපත වේදනාව, හිසරදය, කැස්ස, කිවිසුම් යෑම, තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මතු වේ.

මෙම රෝග ලක්ෂණ සහිතව සතියක් පමණ කාලයක් රෝගය සිරුරේ පවතී. මෙම රෝගයේදී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන විවේකීව සිටීම තුළින් ඉක්මනින් රෝගය සුවපත් කරගත හැකිය.

සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක් උදෙසා ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක්..

සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක් උදෙසා ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක්..

උණුසුම් ජලය පානය කළ යුතුය. ශීත කළ ආහාරපාන නොගත යුතුය.

සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව තත්ත්වයේදී ද මෙම රෝග ලක්‍ෂණ මතු වේ. නමුත් මෙය ඉන්ෆ්ලුවෙන්සා රෝගය දැයි කියා නිවරදිව හඳුනා ගැනීමට වෛද්‍යවරයකු හමුවීම වැදගත්ය.

මෙය සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව ලෙස වරදවා වටහා ගෙන කටයුතු කිරීම නිසා ඇතැම්විට නියුමෝනියා රෝගය දක්වා බරපතළ විය හැකිය.

විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධයෙන් නිතර කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

වෙඩි වැදී පොලිස් නිලධාරියකු අභිරහස් ලෙස මියයයි ..

වෙඩි වැදී පොලිස් නිලධාරියකු අභිරහස් ලෙස මියයයි ..

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉතා පහසුවෙන් අන් අයට බෝ විය හැකිය. එබැවින් රෝගය ඇතිවිට ජනතාව ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම වැදගත්ය. එසේම මුව ආවරණයක් පැළඳීම, සෞඛ්‍ය ආරක්ෂාවට වැදගත්ය. ඉන් අන් අයට රෝගය පැතිරීම වළක්වා ගැනීමටත් බාහිර පරිසරයෙන් තමාගේ සිරුරට ඇතුළු විය හැකි අහිතකර වෛරස බැක්ටීරියා රෝගවලින් පාලනයටත් උපකාරී වේ.