මිලියන 210ක රන් බිස්කට් සමග ගුවන්තොටුපොළ සේවකයෙක් පොලිස් දැලේ

Report

ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ 54 හැවිරිදි සේවකයෙකු, ඔහු පැළඳ සිටි මේස් තුළ සඟවාගෙන සිටි රුපියල් මිලියන 210කට වඩා වටිනා රන් බිස්කට් තොගයක් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මාණ්ඩලික පිටවීමේ දොරටුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මීගමුව, කඳවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකු වන සැකකරු සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන අයෙකු වේ. ඔහු කැරට් 24 රන් බිස්කට් 51ක් තම පාදවල සඟවල විශේෂ වෙළුම්පටිවලින් ඔතා ඒවා යළි සිය මේස්වලින් වසා ගෙන කටුනායක ගුවන් තොටුපොළින් පිටව යාමට ඇති විශේෂ කවුළුවෙන් පිටව යමින් සිටියදී සැකකරු අද උදෑසන 6.50ට පමණ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රන් බිස්කට් තොගය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 941ක බරකින් යුතු අතර මෙම රන් බිස්කට් තොගය කිසියම් පුද්ගලයෙකු මොහුට ගුවන් තොටුපළින් පිට කර දීම සඳහා භාර දෙන්න ඇතැයිද සැකකරු දීර්ඝ කාලයක් මෙම ජාවාරම සිදුකරන ගෙන යන්නට ඇතැයිද රේගු නිලධාරීන් සැක පළ කරති.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

සිද්ධිය සම්බන්ධව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකරු සිය අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බවද වාර්තා වේ.