හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකුගේ තොරතුරකට රන් සොයා ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පහක් අත්අඩංගුවට..

Report

කොටි සංවිධානයේ පැරණි කඳවුරක් පැවති කිලිනොච්චිය, රාමනාදපුරම්, අලගාරි හි ස්ථානයක එම සංවිධානය විසින් වළඳමා ඇති බවට සැක කරන රත්තරන් සෙවු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පැවසීය.

ලංගම අපේක්ෂා රෝහල් බසයට පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ගෙන් ලැබුණු අමුතු සැලකිල්ල..

ලංගම අපේක්ෂා රෝහල් බසයට පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ගෙන් ලැබුණු අමුතු සැලකිල්ල..

අදාළ සැකකරුවන් සතුව තිබී භූමිය පරීක්ෂා කරන නවීන ස්කෑනර් යන්ත්‍ර දෙකක් සහ සුඛෝපභෝගී ජිප්රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

වීඩියෝවක් සඳහා ප්‍රතිඥා දීමේදී අත මාරු වුණ අයි.එස්. ත්‍රස්තයන්..

වීඩියෝවක් සඳහා ප්‍රතිඥා දීමේදී අත මාරු වුණ අයි.එස්. ත්‍රස්තයන්..

සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයේ ‘පොලිස්පතිට කියන්න‘ මෙහෙයුම් එකකය භාර ස්ථානාධිපති ලෙස සේවය කරන අතර මෙකී  සිද්ධියට එරාවුර් ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකුද අත්අඩංගුවටගෙන සිටින බවත් පොලිසිය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

උගන්ඩා ජාතිකයෙකු කොකේන් මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට..

උගන්ඩා ජාතිකයෙකු කොකේන් මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට..

කොටි සංවිධානය සතුවූ මෙම කඳවුර තුල පසුගිය යුද සමයේ සිවිල් ජනතාවගෙන් කොල්ලකන ලද රත්තරන් වලදමා සඟවා තිබෙන බවට හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු විසින් සැකකරුවන්ට ලබාදුන් තොරතුරක් මත එලෙස කැණීම් කිරීමට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය වාර්තා කළේය.