සමුද්‍ර කෞතුකාගාරයේ ආදායමේ ලක්ෂ 16කට මොකද උනේ..

Galle Sri Lanka Economy of Sri Lanka Department Of Audit
By Piyumika Jun 09, 2024 11:55 AM GMT
Piyumika

Piyumika

Report

ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි 2014 ජනවාරි සිට 2022 අගෝස්තු මස දක්වා කාලය තුළදි රුපියල් 1,652,605 මුල්‍ය වංචාවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

ලංගම අපේක්ෂා රෝහල් බසයට පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ගෙන් ලැබුණු අමුතු සැලකිල්ල..

ලංගම අපේක්ෂා රෝහල් බසයට පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ගෙන් ලැබුණු අමුතු සැලකිල්ල..

කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි සිදුවි ඇති මුල්‍ය අක්‍රමිකතා පිළිබද 2023 මැයි මස 31 දින ඉදිරිපත්කොට ඇති මුලික විමර්ශන වාර්තාව අනුව මෙම තොරතුරු අනාවරණය වි ඇත.

ඒ අනුව කෞතුකාගාර දේපාර්තමේන්තුව වෙත අහිමිකර ඇති සමස්ථ ආදායම රුපියල් 1,652,605 ක මුදලක් බවද මෙකි වාර්තාවේ සදහන්ය.

වීඩියෝවක් සඳහා ප්‍රතිඥා දීමේදී අත මාරු වුණ අයි.එස්. ත්‍රස්තයන්..

වීඩියෝවක් සඳහා ප්‍රතිඥා දීමේදී අත මාරු වුණ අයි.එස්. ත්‍රස්තයන්..

අලෙවිකළ ප්‍ර වේශ පත්‍ර ආදායම් පිළිබද දෛනික ලේඛන තුලනය කිරිමත්, මුදල් බැංකුගත කිරිමත්, අක්‍රමිකතාවයට වගකිවයුතු ස්ථානභාර නිලධාරියා විසින් සිදුකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වී තිබේ.