එකම ධාවන පථයේ යානා දෙකක් එකවර ධාවනය වෙලා..

By krishani Jun 10, 2024 12:04 AM GMT
krishani

krishani

Report

එකම ධාවන පථයක එකම අවස්ථාවේ යානා දෙකක් ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපොළේ දී ධාවනය වී තිබෙනවා.

එකම ධාවන පථයේ යානා දෙකක් එකවර ධාවනය වෙලා.. | Mumbai Airport India

ඒ සම්බන්ධයෙන් එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන්ගත වීම සඳහා එම පථයේ ධාවනය කරමින් තිබිය දී ඉන්ඩිගෝ ගුවන් යානයක් එම අවස්ථාවේ එම ධාවන පථයට ගොඩබැස්වීම දරුණු අනතුරක් සිදුවීමට තිබූ අවස්ථාවක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, මෙම ගුවන් යානා ගොඩ බැස්වීමට අදාළව නියෝග නිකුත් කළ ගුවන් ගමන් පාලක කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කිරීමට ද එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.