වැල්ලම්පිටියේ බේකරියක දරුණු ගින්නක් - ගීන්න නිවීමට ගිනි නිවීමේ රථ කීපයක්

Report

වැල්ලම්පිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රසිද්ධ බේකරියක අද 21 වැනි දින පස්වරු 4 .45 ට පමණ හදිසියේම දරුණු ගින්නක් හටගෙන තිබේ.

මෙම ස්ථානයෙන් විශාල වශයෙන් දුම් සහ ගිනිදැල් මතු වීමත් සමඟ ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

රජයෙන් වැටුප් දෙකක් ලබාගන්නා රජයේ සේවකයන්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන පැමිණිලි

රජයෙන් වැටුප් දෙකක් ලබාගන්නා රජයේ සේවකයන්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන පැමිණිලි

ඒ අනුව හටගත් ගින්න තවදුරටත් පැතිර යා නොදී කඩිනමින් පාලනය කිරීම සහ නිවා දැමීම සඳහා මේ වනවිටත් නවීන ගිනි නිවීමේ රථ 2 ක් එම ස්ථානය වෙත වහාම යොමුකර ඇති බව වාර්තාවේ.

මෙම අනපේක්ෂිත සිද්ධියෙන් සිදු වූ දේපළ හානිය හෝ අනෙකුත් තොරතුරු මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය විසින් දැනටමත් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

විශේෂ නීතියක් - ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගවල මත්පැන් භාවිතය තනහනම් හේතුව මෙන්න

විශේෂ නීතියක් - ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගවල මත්පැන් භාවිතය තනහනම් හේතුව මෙන්න