පාසල් වේලාව දිගු කළොත් දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක්

Report

පාර්ලිමේන්තුවේදී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා ප්‍රශ්න කර සිටියේ, 10 සහ 11 වසරවල ඉතිහාසය හා සෞන්දර්ය විෂය අනිවාර්ය විෂයයක් ලෙස ඇතුළත් නොකිරීමට හේතුව කුමක්ද යන්නයි.

“ඉතිහාසය අමතක කිරීමට මෙතරම් උත්සාහ ගන්නේ ඇයි?” යනුවෙන් ඔහු විමසා සිටියේය. මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව විසින් ආරම්භ කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මේ වන විට අතුරුදහන්ව ඇති බවත්, සත්ව සංගණනය වැනි වැඩසටහන්ද සැලසුම්ගත ආකාරයකින් ක්‍රියාත්මක නොවූ බවත්ය.

“අපේ අරමුණ රොබෝවරු නොව සජීවී මිනිසුන් බිහි කිරීමයි” - ජනපති කියයි

“අපේ අරමුණ රොබෝවරු නොව සජීවී මිනිසුන් බිහි කිරීමයි” - ජනපති කියයි

ඒ හා සමානව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණද කඩිමුඩියේ ආරම්භ නොකර, ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති උගතුන්ගේ සහභාගිත්වයෙන් හා පාර්ලිමේන්තුවේ පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගෙන, කාලය වැය කරමින් සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

ඉතිහාසය හා සෞන්දර්ය විෂය ඉවත් කිරීම සම්බන්ධ ගැටලුවක් මතුව ඇති බවත්, එමෙන්ම පාසල් වේලාව දීර්ඝ කිරීමට තමන් එකඟ නොවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එවැනි තීරණයක් හරහා දරුවන්ගේ සෞඛ්‍යයට හානි විය හැකි බවද ඔහු සඳහන් කළේය.

"මගේ පියා මිනීමරුවෙක් නෙමෙයි ඕනෙනම් ජාන පරීක්ෂා කරගමු" පාර්ලිමේන්තුවේ සමාව ඉල්ලපු රෝහිණි කවිරත්න

"මගේ පියා මිනීමරුවෙක් නෙමෙයි ඕනෙනම් ජාන පරීක්ෂා කරගමු" පාර්ලිමේන්තුවේ සමාව ඉල්ලපු රෝහිණි කවිරත්න

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා