සහන රැසක් සමඟ පුද්ගල ආදායම් බදු සංශෝධනයක්. - අඩු වන ප්‍රමාණය මෙන්න.
Government Of Sri Lanka
IMF Sri Lanka
Income Tax Department
By Wayomi
පසුගිය සමයේ සිදු කළ බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් 500,000 සිට රුපියල් 720,000 දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මෙම වසරේ බදු ආදායම පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්ය සාධනය හේතුවෙන් එම යෝජනාව සිදුකළ බවයි.
හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.
ඒ, අනුව එම යෝජනාව සඳහා IMF විසින් සංශෝධන ඉදිරිපත් කර ඇති අතර පහළ බදු මට්ටම්වලට අයත් පිරිස සඳහා වැඩි සහනයක් ලබාදීම, මධ්‍යම මට්ටමට ද ඒ හා සමාන සහන සලසමින්, ඉහළ ආදායම් ලබන්නන් සඳහා තරමක් අඩු සහන ලබාදීමට මෙන්ම මෙම යෝජනාවේ හරය නොවෙනස්ව තබා ගැනීම ඊට අයත් වේ.