ළමා නිවා­ස­යේ ලිංගික හිංසන චෝදනාව පොලි­සියේ සැක­යට ලක්වෙයි..

Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation Child Abuse
By Piyumika Jun 11, 2024 12:35 PM GMT
Piyumika

Piyumika

Report

මහ­නු­වර වෙල­ම්බඩ ප්‍රදේ­ශයේ ළමා නිවා­ස­ය­කදී එහි පාලි­කා­වගේ අනු­දැ­නුම මත තමන් ලිංගික අප­යෝ­ජ­න­යට ලක්වූ බව කිය­මින් දාහත් හැවිදි දැරි­යක් මඩා­ටු­ගම පොලි­සි­යට කරන ලද පැමි­ණිල්ල සම්බ­න්ධ­යෙන් පොලි­සි­යට සැක පහළ වී ඇත.

බිරිඳට පොලිස් බලය පෙන්නන්න ගිය කොස්තාපල්ට උන දේ..

බිරිඳට පොලිස් බලය පෙන්නන්න ගිය කොස්තාපල්ට උන දේ..

මෙම දැරිය ළමා නිවා­සයේ රැඳී සිටි­යදී අනෙ­කුත් රැද­වි­යන්ට හා පාලි­කා­වන්ට පහ­ර­දීම් සිදු­කර ඇති බව­ටත් ඔවුන්ගේ ඇඳුම් ඉරා දම­මින් හැසිරී ඇති බව­ටත් කරුණු අනා­ව­ර­ණය වී තිබේ.

ඇය එම ස්ථානයේ දේපො­ළ­ව­ල­ටද හානි සිදු­කර තිබෙන බව ළමා නිවාස ලිපි­ගොනු පරි­ක්ෂා­වේදී හෙළිවී ඇති අතර මෙම දැරිය මාන­සික රෝගී තත්ත්ව­ය­කට ප්‍රති­කාර ගෙන තිබෙන බවද වාර්තාවේ.

පොලිස් නිලධාරීන් 153ක් ගුටිකෑවේ ඇයි..

පොලිස් නිලධාරීන් 153ක් ගුටිකෑවේ ඇයි..

ඇය කිහිප අව­ස්ථා­වක් ළමා නිවා­ස­යෙන් පැන­යා­මට උත්සා­හ­කර ඇති බව ද පැවසේ.

අවු­රුදු 23ක විවා­හක පුද්ග­ල­යෙකු සමඟ ප්‍රේම සම්බ­න්ධ­යක් ඇති­කර ගෙන ඔහු සමඟ පැන­ගොස් කොළඹ ප්‍රදේ­ශයේ රැඳී සිටි­යදී මෙම දැරිය සොයා­ගෙන තිබේ.

ගංවතුරෙන් අවතැන් වෙලා හිටපු පව්ලකට උදව් කරන්න ගිහින් මැණික් මුදලාලිට උන දේ..

ගංවතුරෙන් අවතැන් වෙලා හිටපු පව්ලකට උදව් කරන්න ගිහින් මැණික් මුදලාලිට උන දේ..

නිසි භාර­කා­ර­ත්ව­යක් නොමැ­ති­වීම මත දඹුල්ල අධි­ක­ර­ණය මඟින්පසු­ගිය පෙබ­ර­වාරි මස 24 වැනි දින ඇයව අදාළ ළමා නිවා­ස­යට යොමු කර ඇත.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%