බිරිඳට පොලිස් බලය පෙන්නන්න ගිය කොස්තාපල්ට උන දේ..

Sri Lanka Police Anuradhapura Sri Lanka Domestic Violence
By Piyumika Jun 11, 2024 07:54 AM GMT
Piyumika

Piyumika

Report

බීමතින් නිවෙසට පැමිණ බිරියට පහරදෙමින් අසල්වැසියන් නිතර පීඩාවට පත්කළ බව කියන මැදවච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කර ඇති බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පැවසීය.

නාවික හමුදා බුද්ධි අංශ පළමු වතාවට අනාවරණය කරගත් ඩුබායි සිට කෙරෙන ව්‍යාජ පාස්පෝට් ජාවාරම..

නාවික හමුදා බුද්ධි අංශ පළමු වතාවට අනාවරණය කරගත් ඩුබායි සිට කෙරෙන ව්‍යාජ පාස්පෝට් ජාවාරම..

මැදවච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයක කරමින් සිටියදී උතුරුමැද දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත ඉකුත් මස 28 වැනිදා සිට විලච්චිය පොලිස් ස්ථානයට ස්ථානමාරුවීම ලබාදී තිබුණි. කෙසේ වෙතත් එම කොස්තාපල්වරයා ස්ථාන මාරු නියෝග පිළිනොපැද ඇති බව පොලිසිය පවසයි.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ඉල්ලීම පිළිබඳව ජනපතිගේ ප්‍රතිචාරය මොකක්ද?.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ඉල්ලීම පිළිබඳව ජනපතිගේ ප්‍රතිචාරය මොකක්ද?.

එම කොස්තාපල්වරයා බීමතින් පැමිණ නිතර නිතර ඔහුගේ බිරියට පහරදී නිවෙසියන්ට පීඩාකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසන අතර ඔහුට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත ගලෙන්බිදුණුවැව පොලිසියේ නිලධාරීන් පිරිසක් එම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත ඇති බව පොලිසිය පැවසීය.

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත අනුව එම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත කොස්තාපල්වරයාගේ වැඩතහනමට ලක් කර තිබේ.

මහ රෑ ගෙට පැනපු දෙන්නෙක් නංගිගේ අත්පා බැඳලා අක්කාගේ ගෙල කපා මරා දාලා..

මහ රෑ ගෙට පැනපු දෙන්නෙක් නංගිගේ අත්පා බැඳලා අක්කාගේ ගෙල කපා මරා දාලා..

අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජේ.පී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකරයි .