පළපුරුදු ක්‍රීඩකයෙකු තරගය අතරතුර කළ අනවශ්‍ය ක්‍රියාවක් සමාජ මාධ්‍ය කළබවයි..(VIDEO)
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද මෙල්බන් හිදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
India Today පුවත් සේවය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් ගේ උරහිසෙහි ගැටී ඔහු සමග මතභේදයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් විරාත් කෝලිගේ තරග ගාස්තුවෙන් 20%ක් දඩයක් ලෙස අය කරගැනීමටත් ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එකතු කිරීමටත් ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත.
තරගයේ පළමු දිනයේ 10 වැනි පන්දු ඕවරය අවසානයේදී කෝලි කොන්ටාස් වෙස ඇවිද ගොස් උවමනාවෙන් මෙන් ඔහුගේ උරහිසේ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කොන්ටාස් වේගවත් ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය. 19 හැවිරිදි මෙම කොන්ටාස් ග්‍රීක සම්බවයක් සහිත ක්‍රීඩකයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු වන රවී ශාස්ත්‍රි පවසා ඇත්තේ කෝලී සිදුකර ඇත්තේ අනවශ්‍ය ක්‍රියාවක් බවය.
මේ අතර හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ද පැවසුවේ පළපුරුදු ක්‍රීඩකයෙකු වන කෝලී එම ගැටුම නිර්මාණය කළ බවය.
You may like this video