පුද්ගලයින් 72ක් සමඟ ගුවන් යානයක් බිහිසුණු අනතුරකට ලක්වෙයි..(VIDEO/PHOTO)
බකු අගනුවර සිට රුසියාවේ ග්‍රොස්නි දක්වා පියාසර කරමින් තිබූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මගී ජෙට් යානයක් බටහිර කසකස්තානයේදී කඩා වැටී ඇතැයි කසකස්තානයේ ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
“බකු-ග්‍රොස්නි මාර්ගයේ ගමන් කරමින් තිබූ ගුවන් යානයක් අක්ටාවු නගරය ආසන්නයේ කඩා වැටුණා. එය අයත් වන්නේ අසර්බයිජාන් ගුවන් සමාගමට” යැයි අමාත්‍යාංශය ටෙලිග්‍රාම් හි සදහන් වේ .
"ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට පියවර ගත යුතුයි".. දේවගැති ජෙරම්ගේ වීඩියෝවට විරෝධතා රැසක්..
Embraer 190 වර්ගයේ ගුවන් යානයක් වන මෙහි මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සමගින් පුද්ගලයින් 72දෙනෙක් යානය තුළ සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
කසකස්තානයේ අක්ටාවු නගරය අසලදී මෙම යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ.
ගුවන් යානය පක්ෂීන් රංචුවක් අතර ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි බොහෝ දෙනා මත පළ කරන්නේ.
මුදවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පිටත් කර ඇති බව පැවසේ.
UPDATE
මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසයි.
ගුවන් යානය කඩාවැටීමත් සමග ගින්නක් හටගෙන ඇති නමුත්, පසුව එය නිවාදමා තිබේ.
කෙසේ නමුත් ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
පවතින මීදුම් සහිත තත්ත්වය නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව දැනට සිදුකෙරෙන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
You may like this video