ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට

Gotabaya Rajapaksa Law and Order Sinhala news
By Mithu Apr 29, 2025 01:41 PM GMT
Mithu

Mithu

Report

ප්‍රමිතියට නොවූ කාබනික පොහොර තොගයක් ගෙන්වීමට අදාළව ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 කට ආසන්න මුදලක් ගෙවීමෙන් රජයට අයුතු පාඩුවක් සිදු කිරීමක් යටතේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මම්පිල මහතා ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (28දා) නියෝග කළාය.

දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්

දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එනම් 2021 වසරේදී චීනයේ කුයින්ඩෝ බයෝටෙක් (QINGDAO seawin BIOTECH) සමාගමෙන් ගෙන්වන ලද මෙරට ප්‍රමිතියට නොවූ කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් සියයට 75ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමෙන් රජයට අයුතු සහගත පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මම්පිල මහතා ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (28දා) පස්වරුවේ නියෝග කළාය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව හෙතෙම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

චාමර වෙනුවෙන් රනිල් අල්ලසට.... අද ඇතුලේ ද? (VIDEO)

චාමර වෙනුවෙන් රනිල් අල්ලසට.... අද ඇතුලේ ද? (VIDEO)

ReeCha