ප්රධාන රාජ්ය ආයතන තුනක් සඳහා - විශේෂ වැඩසටහනක් මෙන්න
මෙරට රාජ්ය ආදායම් රැස් කරන ප්රධාන ආයතනවල ප්රතිසංස්කරණ සහ නවීකරණ වැඩපිළිවෙළවල ප්රගතිය සමාලෝචනය කිරීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සහ රාජ්ය නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී මෙම ප්රගති සමාලෝචන රැස්වීම පැවති බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කර ඇත.
එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ප්රධාන ආයතන තුනේ ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාව සහ නවීකරණ වැඩපිළිවෙළවල ප්රගතිය පිළිබඳව අවධානය යොමු කර ඇත.
එමෙන්ම, ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ අදාළ ආයතනවල අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම, මානව සම්පත් සංවර්ධනය සහ පරිගණක පද්ධති කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ ඇතුළු රාජ්ය නිලධාරීන් සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ ආදායම් පරිපාලන ජ්යෙෂ්ඨ ආර්ථික විද්යාඥ සින්ඩි නෙගුස්, ආදායම් පරිපාලන උපදේශිකා ඇලිසන් ලිස්ටර් සහ ශ්රී ලංකාවේ නේවාසික ආදායම් උපදේශක ග්රෙගරි ටොපින් යන අයද එක්ව ඇත.