මොන අපේක්ෂකයාට ද සහය දෙන්නේ කියලා ප්‍රධාන පක්ෂයක් උණුසුම් වෙලා?. උණුසුම මැදම තීරණය මෙන්න..
Sri Lanka Politician
Election
ITAK
Latest Headlines
Sri Lanka Presidential Election 2024
By krishani
කුමන අපේක්ෂකයාට එළැඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දක්වන්නේ ද යන්න ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව තීරණය කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) සඳහන් කර තිබෙනවා.
ඊයේ (18) වව්නියාව ප්‍රදේශයේ දී එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් පවත්වා තිබෙනවා.
එයට පක්ෂයේ සියලු සාමාජිකයින් එක්ව තිබුණු අතර එහිදි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සහාය දැක්විය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ මත පළ වී ඇත.
ඒත් සමග රැස්වීමේ උණුසුම්කාරී තත්ත්වයක් ද ගෙන ඇති බව වාර්තා විය.
කෙසේවෙතත්, පක්ෂයේ මතය කුමක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව ප්‍රකාශ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා සඳහන් කළේ ය.