ලෝක කුසලාන ක්‍රිකට් උන්මාදය අද සිට - ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹේ
2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී අද (12) ආරම්භ වේ. තරගාවලිය ජූලි 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සුදුසුකම් ලබා ඇති අතර, එය විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්ව තිබේ .
සුදුසුකම් ලැබූ කණ්ඩායම් 'A' සහ 'B' ලෙස කණ්ඩායම් 6 බැගින් වූ කාණ්ඩ 2ක් යටතේ තරග වැඳීමට නියමිතව තිබේ එහි 'A' කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය එක්ව ඇත තවද නෙදර්ලන්ත කණ්ඩායමක් විස්සයි20 ලෝක කාන්තා කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වේ .
ඒ වගේම 'B' කාණ්ඩයට එංගලන්තය, අයර්ලන්තය, නවසීලන්තය, ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව්වන් තරග කරනු ලබයි මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් 5 සමග එක් තරගය බැගින් ක්‍රීඩා කරනු ලබන අතර දෙවන වටය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට (Knockout) පැවැත්වෙන අතර, එහි සෑම කාණ්ඩයකින්ම පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
තවද අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරගාවලිය තරග 33කින් සමන්විතය . තරගාවලියේ තරග ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණය ඇතුළු එංගලන්තයේ සුප්‍රසිද්ධ ක්‍රීඩාංගණ 7කදී පවත්වනු ලබයි .
සමාරම්භක තරගය අද (12) සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර බර්මින්හැම්හැදී එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11ට ආරම්භවීමට නියමිතව තිබේ .
අවසන් වරට 2024 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියේදී දකුණු අප්‍රිකාව පරදා ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත්ව ඇත. එම අවස්ථාව ඔවුන් විස්සයි20 ලෝක ශූරතාව දිනූ පළමු අවස්ථාව වේ.
කෙසේ නමුත් තරග ඉතිහාසය තුළ ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන 6ක් දිනා ගනිමින් පෙරමුණේ ඇත.