සත්කාරක මෙක්සිකෝව ලෝක කුසලානය ජයග්‍රහණයකින් අරඹයි

Report

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක රටක් වන මෙක්සිකෝ කණ්ඩායම, දකුණු අප්‍රිකාව ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය, පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුනකට සත්කාරකත්වය ලබාදුන් එස්ටාඩියෝ අස්ටෙකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර, 9 වැනි මිනිත්තුවේදී ජූලියන් ක්විනෝන්ස් මෙක්සිකෝ කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය.

ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට ගෝල 1-0ක් ලෙස මෙක්සිකෝව පෙරමුණ ගෙන සිටියේය.

ජැමෙයිකාවේදී සිංහයෝ සටන අතහරින්නේ නෑ - කොදෙව්වන්ට ලැබුණු ලකුණු 148ක ඉලක්කය මෙන්න

ජැමෙයිකාවේදී සිංහයෝ සටන අතහරින්නේ නෑ - කොදෙව්වන්ට ලැබුණු ලකුණු 148ක ඉලක්කය මෙන්න

දෙවැනි අර්ධයේදී ද සටන්කාමී ක්‍රීඩා රටාවක් පවත්වාගෙන ගිය මෙක්සිකෝ කණ්ඩායම, 67 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස් කිරීමට සමත් වූ අතර, එය ක්‍රීඩාංගණයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් උද්යෝගයට පත් කළේය.

ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ගෝල 2-0ක ජයක් සත්කාරක මෙක්සිකෝ කණ්ඩායමට හිමි විය.

මෙම තරගයේදී විනිසුරුවන් විසින් රතු කාඩ්පත් තුනක් නිකුත් කළ අතර, එය තරගයේ උණුසුම සහ තරගාවලියේ උද්යෝගය තවදුරටත් ඉහළ නැංවීමට හේතු විය.

කණ්ඩායම් 48ක් සිහසුනට පොරකන 2026 FIFA ලෝක කුසලානය අද පටන්ගනියි

කණ්ඩායම් 48ක් සිහසුනට පොරකන 2026 FIFA ලෝක කුසලානය අද පටන්ගනියි