නාමල් ජනාධිපති වුණ දවසක නිල නොලත් ජනාධිපති වෙන්නේ මමයි, කුට්ටි පිටින් බටර් ගාන තිස්ස කුට්ටි
නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වූ දවසක තමන් මෙරට නිල නොලත් ජනාධිපතිවරයා බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්රකාශ කර තිබෙනවා.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාගේ ළඟම මිත්රයාත් ළඟම හිතවතා ද තමන් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයා සඳහන් කර ඇත.
ඔහු මේ අදහස් දක්වා සිටියේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් අමතමින්.
කෙසේ වෙතත් වර්තමනයේ බොහෝ දේශපාලන වේදිකා මත පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මීළඟ එනම් 2029 දී ජනාධිපති වන බවට විවිධ මතවාද සහ අදහස් පළ වේ.
කෙසේ වුවත් ඒ සියල්ල තවත් එක් දේශපාලන වේදිකාවවල ඇසෙන උණුසුම් වාද විවාද පමණී.