සැඟව සිටි මිනිස් ජාවාරමක ප්‍රධාන සැකකරු වසර තුනකට පසු තමිල්නාඩුවේදී අත්අඩංගුවට ..

Tamil nadu Sri Lanka India World
By Piyumika Aug 11, 2024 07:52 AM GMT
Piyumika

Piyumika

Report

මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධානයක් සමඟ සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර මිනිස් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන චූදිතයෙක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

‘සීනි අබුල්තාන්’ නැමැති මෙම පුද්ගලයා ඊයේ දින අත්අඩංගුවට ගත් බව ඉන්දීය ආරක්ෂක අංශ නිල වශයෙන් ප්‍රකාශකර ඇත.

ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර..

ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර..

ඉන්දියාවේ, ජාතික විමර්ශන ඒජන්සිය විසින් තමිල්නාඩුවේ රාමනාතපුරම් ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරන ලදි.

මෙරට ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පැවැත් වූ ‘ඊසාන්’ නමින් හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයෙකු; මෙම මිනිස් ජාවාරමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවයි ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබේ.

නීති විරෝධීව ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් තිදෙනෙකු අත්තඩංගුවට ..

නීති විරෝධීව ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් තිදෙනෙකු අත්තඩංගුවට ..

ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ‘සීනි අබුල්තාන්’ නැමැති පුද්ගලයා ‘ඊසාන්’ නැමැත්තා සමඟ එක්ව අදාළ මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බවයි තොරතුරු වාර්තා වනුයේ.

මොහු විසින් ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු තමිල්නාඩුවේ විවිධ ස්ථානවලට නීති විරෝධී ලෙස ගෙන්වාගෙන ඔවුන්ට ව්‍යාජ පොරොන්දු දී මෙම මිනිස් ජාවාරම සිදුකර ඇති බවට ජාතික විමර්ශන ඒජන්සිය පවසා සිටී.

බිරිඳට නොකියා රහසේ ගිය අවසන් ගමන..

බිරිඳට නොකියා රහසේ ගිය අවසන් ගමන..

සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ ආකර්ශනීය රැකියා සමඟ කැනඩාවට සංක්‍රමණය වීම සඳහා නීත්‍යානුකූල ලියකියවිලි ලබාදෙන පවසමින් අදාළ ශ්‍රී ලාංකිකයින් රවටා ඇති බවයි.

සැකකරුවන් විසින් මෙහෙය වූ මෙම මිනිස් ජාවාරම පිළිබද තොරතුරු 2021 ජූනි මාසයේ දී අනාවරණය කර ගැනීමෙන් පසු ‘සීනි අබුල්තාන්’ නැමැත්තා සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් පළාගොස් සැඟව තිබෙනවා.

කොළඹ වරායේ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හදිසියේ ගිනි ගනී..

කොළඹ වරායේ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හදිසියේ ගිනි ගනී..

එලෙස සැඟව සිටිය දී වසර තුනකට පමණ පසුවයි ‘සීනි අබුල්තාන්’ නැමැත්තා මෙලෙස ඊයේ දින අත්අඩංගුවට පත්ව ඇත්තේ.

තවමත් නිදැල්ලේ සිටින අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශනය සිදුකරන බව එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටී.

ReeCha