කොළඹ වරායේ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හදිසියේ ගිනි ගනී..
කොළඹට වරාය තුළ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක අද අලුයම ගින්නක් ඇති වී පුපුරා යාමක් ද සිදුවී ඇත.කොළඹ වරායේ JCT 4 ජැටියේ නැංගුරම් දමා තිබූ නැවක මෙලෙස ගින්න ඇතිවී තිබෙනුයේ..
එහිදී ක්‍රියාත්මක වූ වරාය ගිනි නිවන ඒකකය ඇතුළු වරාය කාර්ය මණ්ඩලය ගින්න පාලනය කර නිවාදැමීමට සමත් වූ බවත් ගින්න නිවා දැමීමට නොහැකිව පැතිර ගියේ නම් මහා විනාශයක් වීමට ඉඩ තිබූ බවත් සඳහන් වේ .
වරාය අධිකාරිය පවසන්නේ, ස්විට්සර්ලන්තයේ ජිනීවාහි නෞකා සමාගමට අයත් මෙම MSC Captown නෞකාව සිංගප්පූරු වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර බහාලුම් 995 ක් ගොඩබෑමට සහ බහාලුම් 880 ක් පටවා ගැනීමට නියමිතව තිබූ බවයි.ගින්න හේතුවෙන් අදාල නෞකාවට සිදුවූ හානිය මේ දක්වා තක්සේරු කර නොමැති බවත් කෙසේ වෙතත් නෞකාවේ තිබුණු භාණ්ඩවලට සහ නෞකාවට විශාල හානියක් වී ඇති බවත් පැවසේ.