බිරිඳට නොකියා රහසේ ගිය අවසන් ගමන..
By Piyumika
දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරදි මාර්ගයකින් අම්බුලුවාව කඳු මුදුනට නැගීමට ගිය පුද්ගලයකුගේ ඇඟට ගලක් පෙරලීමෙන් මියගොස් ඇතැයි වාර්තා වේ .
සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස කන්ද නැගීමට ගොස් ඇති අතර ඉන් එක් අයකු මෙලෙස මියගොස් ඇතැයි පොලීසිය පැවසීය .
මෙසේ මිය ගොස් ඇත්තේ දෙහිඕවිට මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංචි ගාර්දිය සමරතුංගලාගේ දමින්ද සමරතුංග නමැති තිස් හත් හැවිදි දෙදරු පියෙකි.
මොහු සිය බිරිඳට ද නොකියා නිවසින් පිටව ඔහුගේ මිතුරන් සිව් දෙනකු සමග මෙම ගමන පැමිණ ඇතැයි පරීක්ෂණවලදී හෙළිව ඇත.