මෙහෙම වුනේ කොහොමද .. ඡන්දෙන් පැරදුණු දෙන්නෙක් NPP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ..

Report

ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කළ මන්ත්‍රී ධූර 18 අතරට මැතිවරණයට පෙර නම් කළ ලැයිස්තුවෙන් 16 දෙනෙක්ද මහ මැතිවරණයට තරග කර පරාජයට පත් අපේක්ෂකයින් දෙදෙනෙක්ද ඇතුළත්ව තිබෙනවා.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු අබුබකර් ආදම්බාවා මහතාට සහ වන්නි දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු උපාලි සමරසිංහ මහතාට මෙලෙස ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධූර පිරිනමා තිබුණා.

ආණ්ඩුවේ මන්ත්‍රීන් පිරිසක් විපක්ෂයේ අසුන් ගනී..

ආණ්ඩුවේ මන්ත්‍රීන් පිරිසක් විපක්ෂයේ අසුන් ගනී..

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 4 ක් ජාතික ජන බලවේගයට හිමි වූ අතර ඔවුන් සිව් දෙනාම සිංහල ජාතික අපේක්ෂකයින් වීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවේ නියෝජනයක් වෙනුවෙන් අබුබකර් ආදම්බාවා ව නැවත ලැයිස්තුවෙන් රැගෙන ඇති බව පැවසෙනවා.

එමෙන්ම, වන්නි දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 2 ක් ජාතික ජන බලවේගයට හිමිවූ අතර ඔවුන් දෙදෙනාම දෙමළ ජාතික අපේක්ෂකයින් වීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ සිංහල ප්‍රජාවේ නියෝජනයක් වෙනුවෙන් උපාලි සමරසිංහ මහතා වෙත මන්ත්‍රී ධූරයක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී ඝාතනය වේ..

හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී ඝාතනය වේ..

මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා දැනුම් දුන්නා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා තවදුරටත් අවධාරණය කළේ ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කර ඇති පුද්ගලයන්ගෙන් හෝ මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ජයනොගත් අපේක්ෂකයින්ගෙන් පමණක් මෙම පත් කිරීම සිදු කළ හැකි බවයි.

GalleryGallery