අලුත් අවුරුදු ප්‍රවාහන සේවා තොරතුරු සඳහා ඇමතිය හැකි දුරකතන අංක ටික මෙන්න

Sinhala and Tamil New Year Train Crowd Srilanka Bus Sinhala news
By Shehan 5 days ago
Shehan

Shehan

Report

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද (12) දිනයේ ද විශේෂ මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.

එසේ වුවත්, මේ වන විට ගම්බිම් බලා යන ජනතාවගෙන් 90%කට ආසන්න පිරිසක් කොළඹින් පිටත්ව ගොස් ඇති බව ප්‍රවාහන බලධාරීහු පවසති.

ඇමරිකාව තීරු බදු අඩු නොකළහොත් ශ්‍රී ලංකාව අනතුරක - ADB කියයි

ඇමරිකාව තීරු බදු අඩු නොකළහොත් ශ්‍රී ලංකාව අනතුරක - ADB කියයි

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත යන ප්‍රධාන බස් පර්යන්තවලින් මෙන්ම මාකුඹුර සහ කඩවත යන අධිවේගී මාර්ගයේ පිහිටි බස් නැවතුම්පොළවලින් ද විශේෂ බස්රථ සේවා ආරම්භ කර ඇත.

විශේෂයෙන් මාතර, ගාල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, හැටන්, මොනරාගල, අම්පාර, සහ ඇඹිලිපිටිය යන ප්‍රධාන නගරවලට අතිරේක බස්රථ යොදවා ඇති බව දැනුම් දී ඇත.

අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම, මොනරාගල, අම්පාර, සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශ සඳහා ද බස්රථ සේවා සපයා ඇත. මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව තකා විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇත.

දෙසැම්බර් වන විට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලේස්ති වෙන්න - එජාපය කියයි

දෙසැම්බර් වන විට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලේස්ති වෙන්න - එජාපය කියයි

ඒ යටතේ බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුරය, ගාල්ල, සහ කන්කසන්තුරෙයි යන ප්‍රදේශවලට අතිරේක දුම්රිය ගමන් වාර 40ක් ක්‍රියාත්මක කෙරේ. එසේම, අප්‍රේල් 09 සිට 21 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇත.

මෙම කාලපරිච්ඡේදය තුළ දිවා රාත්‍රී පැය 24ම ආවරණය වන පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාරක ඒකකයක් පිහිටුවා ඇත.

මගී ජනතාවට 1955 ක්ෂණික දුරකතන අංකය හෝ 0712 595 555 වට්ස්ඇප් අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි බව කොමිෂන් සභාව දැනුම් දී ඇත.

කලාකරුවෙක් මියගියාම රජයෙන් කරන්න යනදේ මෙන්න

කලාකරුවෙක් මියගියාම රජයෙන් කරන්න යනදේ මෙන්න

එසේම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධ තොරතුරු සඳහා 1958 ටත්, දුම්රිය විමසීම් සඳහා 1971 ටත් ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

ReeCha