ඇමරිකාව තීරු බදු අඩු නොකළහොත් ශ්‍රී ලංකාව අනතුරක - ADB කියයි

Report

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 44%ක තීරු බද්ද එලෙසම ක්‍රියාත්මක වුවහොත්, ඇතැම් ඇමෙරිකානු ගැනුම්කරුවන් මෙරටට ලබා දුන් ඇණවුම් අවලංගු කිරීමේ අවදානමක් ඇති බවත්, ඔවුන් තීරු බදු අඩු රටවල් වෙත යොමු විය හැකි බවත් ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවන් මෙක්සිකෝව, ඉන්දියාව, සහ බ්‍රසීලය වැනි ඇමෙරිකාව අඩු තීරු බදු ප්‍රතිශතයක් පනවා ඇති රටවලට යොමු වීමේ සම්භාවිතාවක් ඇති බවද ADB පෙන්වා දෙයි.

දෙසැම්බර් වන විට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලේස්ති වෙන්න - එජාපය කියයි

දෙසැම්බර් වන විට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලේස්ති වෙන්න - එජාපය කියයි

මෙම 44%ක තීරු බද්ද එසේම පවත්වා ගෙන ගියහොත්, විශේෂයෙන් මෙරට ඇඟලුම් සහ රබර් අපනයන පහත වැටෙනු ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන ධාරිතාව අඩුවීමෙන් අපනයන මත පදනම් වූ නිෂ්පාදන අංශය මන්දගාමී වනු ඇති බවත් ADB අපේක්ෂා කරයි.

මෙය ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජක විශ්වාසය අඩු කරනු ඇති අතර, සෘජු විදෙස් ආයෝජන පහත වැටීමටත්, දේශීය කර්මාන්ත ශාලාවල රැකියා අඩුවීමටත් හේතු විය හැකි බව ADB පවසයි.

ඉන්දීය අවි ගබඩාවක් ලංකාවට...මෝදී සංඥා දීලයි ගියේ

ඉන්දීය අවි ගබඩාවක් ලංකාවට...මෝදී සංඥා දීලයි ගියේ

එසේම, මෙම තත්ත්වය රජයට සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වැය කරන මුදල වැඩි කිරීමට සිදුවන අතර, අපනයන ආදායම් ද පහත වැටෙනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරයි.