සිසුවියක් සාමාන්‍ය පෙළට නොයා ගෙල වැලලා සියදිවි නසාගෙන - ලියුමකුත් ලියලා කුස්සියේ අගුලේ එල්ලිලා

Report

හෝමාගම මූලස්ථාන පොලිසිය වාර්තා කරන්නේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දහසය හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරක් ඇයගේ නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බවයි.

පොලිස් විමර්ෂණ වලින් හෙළි වී ඇත්තේ මෙම දැරිය හෝමාගම ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර දරු තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණිය වූ මෙම සිසුවිය බවයි. ඇය අතම මව, පියා සහ වැඩිමහල් සහෝදරිය සමග එකම නිවසේ ජීවත්ව සිට ඇති අතර සිද්ධිය වූ දින රාත්‍රියේ ඇය සිය වැඩිමහල් සහෝදරිය සමග එකම කාමරයක නින්දට ගොස් ඇත.

දවස් 19කට මත්පැන් විකිණීම සපුරා තහනම් - සිංහල අවුරුද්දටත් මත්පැන් නැතිවෙන ලකුණු

දවස් 19කට මත්පැන් විකිණීම සපුරා තහනම් - සිංහල අවුරුද්දටත් මත්පැන් නැතිවෙන ලකුණු

රාත්‍රියේ එක්වරම අවදි වූ සහෝදරිය බාල සහෝදරිය නොමැති වීමෙන් කලබලයට පත්ව ඒ පිළිබදව සොයා බලා තම පියාට දැනුම් දී තිබේ ඉන් අනතුරුව නිවැසියන් විසින් සිදු කළ සොයාබැලීමේදී නිවස පිටුපස කුස්සියට යාබද අගුවේ සිරුර එල්ලෙමින් තිබෙනු පියා විසින් දැක ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පියා විසින් දැරියව හෝමාගම මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.

නමුත් ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති අතර සිද්ධියට අදාළව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සහ සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පණිත සෙනෙවිරත්න මහතා විසින් සිදු කර ඇත.

ප්‍රධාන පෙළේ බාලිකා පාසලක දැරියකට පාසල ඇතුළෙම පිටස්තරයෙක්ගෙන් අපයෝජනයක් - පරීක්ෂණ ඇරඹෙයි

ප්‍රධාන පෙළේ බාලිකා පාසලක දැරියකට පාසල ඇතුළෙම පිටස්තරයෙක්ගෙන් අපයෝජනයක් - පරීක්ෂණ ඇරඹෙයි

මෙම මරණ පරීක්ෂණයේදී මියගිය සිසුවිය විසින් ලියන ලදැයි සැක කෙරෙන ලිපියක් ද ඥාතීන් විසින් ඉදිරිපත් කර ඇත. ඥාතීන් විසින් ඉදිරිපත් කළ එම සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණයේ වෛද්‍ය වාර්තාව කෙරෙහි අවධානය යොමු කළ හදිසි මරණ පරීක්ෂකවරයා, මෙම පාසල් දැරියගේ මරණය ගෙල සිරවීමෙන් සිදුවූවක් බවට නිගමනය කර ඇත.

ශ්‍රී ලාංකික දරුවන්ට කැනඩාවේ ඉගෙනගන්න උපාධි ගන්න අවස්ථාවක්

ශ්‍රී ලාංකික දරුවන්ට කැනඩාවේ ඉගෙනගන්න උපාධි ගන්න අවස්ථාවක්