පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.

Sri Lanka Police Sri Lanka Politician Hirunika Premachandra Prisons in Sri Lanka
By Wayomi Jun 28, 2024 08:46 AM GMT
Wayomi

Wayomi

Report

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.

ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.

දවස් ගණන් පාසල් වසාගෙන කළ අරගලයෙන් ගුරු පඩිය වැඩි වෙයිද? - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

දවස් ගණන් පාසල් වසාගෙන කළ අරගලයෙන් ගුරු පඩිය වැඩි වෙයිද? - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරවරයා නියෝග කළේය.

රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.

රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.


එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් විය.

ගුරු සටනින් 10ක් රෝහලේ - දෙදෙනෙකුගේ ඇස් අන්ධ වෙයි. - (VIDEO/PHOTOS)

ගුරු සටනින් 10ක් රෝහලේ - දෙදෙනෙකුගේ ඇස් අන්ධ වෙයි. - (VIDEO/PHOTOS)


නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු අමල් රණරජා මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීමේ චෝදනාවලට වරදකරු කරන බවයි.


දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් මෙම විත්තිකාරියගේ ආධාරකරුවන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බව සිහිපත් කළේය.

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්.- හදිසියේම ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්.- හදිසියේම ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)


විත්තිකාරිය සිදුකර ඇති වරදවල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බව ඔහු පැවසීය.

විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල පාවිච්චිකොට සාමාන්‍ය වෙළෙඳසැලක සේවය කළ පුරවැසියෙකු පැහැරගෙන ගොස් පවුල් ආරවුල් විසඳීමට කටයුතු කිරීම සුළුවෙන් තැකිය නොහැකි කරුණක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහජනයා විශ්වාසය තබා තෝරා පත්කරන ලද තැනැත්තියක් මේ ආකාරයෙන් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් කියා සිටියේය.

මෙය ඉතා බරපතළ කරුණක් වන බවත් මෙය විත්තිකාරිය බන්ධනාගාරගත කළ යුතු වරදක් යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එම දඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීම නුසුදුසු බවත් සඳහන් කර සිටියේය.

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.


විත්තිකාරිය වරදක් සිදුකළ බව ඇයට ඒත්තු ගැන්විය යුතු වන ආකාරයේ මෙන්ම ඒ පිළිබඳව සමාජය දැනුවත් වන ආකාරයේ දඬුවමක් විත්තිකාරියට ලබා දිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

එසේම යම් පුද්ගලයකු මෙම විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ගමන් කිරීමට සූදානම් වන්නේ නම් සහ නීත්‍යානුකූලව ජීවත්වන අයට නීතියේ රැකවරණය ලැබෙන බව ඇඟවෙන ආකාරයේ දඬුවමක් මෙම විත්තිකාරයට ලබා දිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජූලි මාසයේ 8,000කට විශ්‍රාම වැටුප් සහිතව ස්ථීර පත්වීම්. - ලැබෙන අය මෙන්න.

ජූලි මාසයේ 8,000කට විශ්‍රාම වැටුප් සහිතව ස්ථීර පත්වීම්. - ලැබෙන අය මෙන්න.


විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකාරියට අවුරුදු තුන, හතර සහ පහ යන වයස් වලට අයත් කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බවත් ඇය බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවත් පෙන්වා දුනි.

එබැවින් විත්තිකාරිය බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු වරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මෙම තීන්දුවට එරෙහිව විත්තිකාරී අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව දඬුවම් නියම කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පසුවෙයි.

"ඇත්තට ඌට බැන්නට වරදක් නෑ..."ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය PUBG තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයෙකුට බැන වැදුණු හැටි. - (VIDEO)

"ඇත්තට ඌට බැන්නට වරදක් නෑ..."ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය PUBG තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයෙකුට බැන වැදුණු හැටි. - (VIDEO)


2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.