ආදරේට දුන්න Love Bite එකෙන් තරුණයෙක් ජීවිතෙන්ම සමු ගෙන - රටක්ම කළඹපු මරණය

Report

ආදරේ ඇතුළේ ආදරණීය සිප වැළඳගැනීම් කියන්නේ හරිම සාමාන්‍ය දෙයක්නේ. හැබැයි මෙක්සිකෝවෙන් වාර්තා වූ මේ පුවත නම් ලොවම මවිතයට පත් කළ දුර්ලභ වෛද්‍ය වාර්තාවක් වුණා.

ආදරවන්තයන් අතර සෙනෙහස පළ කිරීමට හුවමාරු කරගන්නා "Hickey" නැතිනම් "Love Bites" මාරාන්තික විය හැකි බව අහලා තියෙනවද?

මෙක්සිකෝවේ පදිංචි 17 හැවිරිදි ජුලියෝ මැකියාස් ගොන්සාලෙස් (Julio Macias Gonzalez) සිය පෙම්වතිය සමඟ කාලය ගත කර පැමිණ රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී හදිසියේම සිහිසුන්ව ඇද වැටී තිබෙන බව වාර්තා වීමත් වහාම රෝහල් ගත කළද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි නොවීමත් නිසා මේ කරුණ හෙළි වෙනවා.

ලෝකෙම හැරිලා බලපු දික්කසාදය - මංගල පෙරහැරටත් වඩා ජයට ගත්ත දික්කසාද පෙරහැරින් පියෙක් සමාජ මාධ්‍ය හොල්ලයි

ලෝකෙම හැරිලා බලපු දික්කසාදය - මංගල පෙරහැරටත් වඩා ජයට ගත්ත දික්කසාද පෙරහැරින් පියෙක් සමාජ මාධ්‍ය හොල්ලයි

එනම් පශ්චාත් මරණ පරීක්ෂණවලදී බෙල්ලේ ඇති වූ "හිකී" (Hickey) එකක් නිසා නිර්මාණය වූ ලේ කැටියක් (Blood Clot) මොළය දක්වා ගමන් කිරීමෙන් සිදු වූ ආඝාත තත්ත්වයක් (Stroke) මේ මරණයට හේතු වුණා කියලා හොයා ගෙන තියෙනවා. මෙහි ඇති විද්‍යාත්මක පසුබිම නම්, බෙල්ලේ දෙපස මොළයට රුධිරය සපයන ප්‍රධාන ශිරා දෙකක් පිහිටා තිබෙනවා.

මේවා Carotid Arteries වශයෙන් හැඳින්වෙනවා. "හිකී" එකක් ලබාදීමේදී යොදන අධික උරාබීම හෝ පීඩනය නිසා මෙම ශිරා බිත්තිවලට හානිවී ලේ කැටියක් නිර්මාණය වීමේ ඉතා සුළු අවදානමක් පවතිනවා.

කුමාර් සංගක්කාර ව්‍යාජ ලෙස සම්බන්ධ කරමින් අසත්‍ය ලෙස ප්‍රචාරය වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල උඩුදුවයි - අනතුරු ඇඟවීමක්

කුමාර් සංගක්කාර ව්‍යාජ ලෙස සම්බන්ධ කරමින් අසත්‍ය ලෙස ප්‍රචාරය වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල උඩුදුවයි - අනතුරු ඇඟවීමක්

ඒ අනුව මෙම ලේ කැටිය රුධිර සංසරණය ඔස්සේ මොළයට ගමන් කළහොත් රුධිර සැපයුම අවහිර වී අංශභාගය හෝ මරණය පවා සිදුවිය හැකි බව සොයා ගෙන තියෙනවා. කොහොම වුණත් වෛද්‍යවරුන් කියන විදිහට මෙය අතිශය දුර්ලභ සිදුවීමක්.

හැබැයි සාමාන්‍යයෙන් "හිකී" එකක් යනු සම මතුපිට ඇති කුඩා රුධිර වාහිනී පිපිරීමෙන් ඇතිවන සීරීමක් හෝ තැලීමක් පමණයි.

ඒත් මතක තියා ගන්න ඕන දෙයක් තමා බෙල්ල වැනි සංවේදී ප්‍රදේශයකට අධික පීඩනයක් එල්ල කිරීම මෙවැනි බරපතළ තත්ත්වයකට මඟ පාදිය හැකි‍ බව.

ඉන්දීය ක්‍රිකට් ලෝලීන් හඩවමින් වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි සැරිය නිම කරයි

ඉන්දීය ක්‍රිකට් ලෝලීන් හඩවමින් වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි සැරිය නිම කරයි