සැනිටයිසර් ගැන විශේෂ දැනුවත්කිරීමක්

Report

දෑත් සනීපාරක්ෂක (Hand Sanitizers) ඇතුළු ජීවනාශක නිෂ්පාදනවල (Biocidal Products) ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක් වශයෙන් එතනෝල් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) සලකා බලමින් සිටින බව විදෙස් වාර්තා දක්වයි.

ඒ අනුව අඳාළ වාර්තාවලින් යුරෝපයේ පිළිකා අවදානම වැඩිවීම නිසා මෙම තහනම සලකා බලමින් සිටින බව පෙන්වා දෙයි.

මේ අතර එතනෝල් විෂ සහිත ද්‍රව්‍යයක් වශයෙන් යුරෝපා රසායන ද්‍රව්‍ය ඒජන්සියේ (European Chemicals Agency - ECHA) වැඩකරන කණ්ඩායම්වලින් එකක් ඉකුත් ඔක්තෝබර් 10 වන දින නිකුත් කරන ලද අභ්‍යන්තර නිර්දේශයක සලකුණු කර තිබුණා.

ඒ අනුව එමගින් පිළිකා අවදානම සහ ගර්භනී සංකූලතා වැඩි වන බවත්, පිරිසිදු කිරීමේ සහ අනෙකුත් නිෂ්පාදනවලින් එතනෝල් ඉවත් කළ යුතු බවත් සඳහන්.

වහාම ස්පා නීතිගත කරන්න - පෙත්සමක්

වහාම ස්පා නීතිගත කරන්න - පෙත්සමක්

කෙසේ වෙතත් ECHA ආයතනය විදෙස් මාධ්‍ය වෙත ඔවුන් දැනට ජීවනාශක භාවිතයට එතනෝල් භාවිත කිරීම පිළිබඳ තක්සේරු කරමින් සිටින බවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එහි විශේෂඥ කමිටුව මඟින් එතනෝල්, පිළිකා ඇති කිරීමට හෝ මිනිස් ප්‍රජනනයට හානි කිරීමට ඇති හැකියාව ඇති බව නිගමනය කළහොත්, ඊට වෙනත් ආදේශකයක් එක්කිරීමට ECHA නිර්දේශ කරන බව දක්වයි.

මේ අතර යුරෝපා රසායන ද්‍රව්‍ය ඒජන්සියේ ජීවනාශක නිෂ්පාදන කමිටුව ලබන නොවැම්බර් 25 සහ නොවැම්බර් 28 අතර හමුවීමට නියමිතව ඇත. කෙසේ වුවද තවමත් තක්සේරු කිරීම් සිදුවෙමින් පවතින බව පවසයි.

එමෙන්ම මේ වන තෙක් කිසිදු නිගමනයකට එළඹී නොමැති බවත් ECHA සඳහන් කර තිබෙනවා. යුරෝපා කොමිසම මඟින් කමිටුවේ විද්‍යාත්මක මතය මත පදනම්ව අවසාන තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වර්ගීකරණය කර ඇත්තේ දෑත් සනීපාරක්ෂාව සඳහා එතනෝල් සහ අයිසොප්‍රොපනෝල් යන දෙකම භාවිතයට ආරක්ෂිත ලෙසයි.

හරක් කටාව බලා ගන්න මාසෙට රුපියල් කෝටියක් වැයවේ - ආරක්ෂාවටම නිලධාරීන් 87ක්

හරක් කටාව බලා ගන්න මාසෙට රුපියල් කෝටියක් වැයවේ - ආරක්ෂාවටම නිලධාරීන් 87ක්

උදේම සුබ පණිවුඩයක් - වාහන මිල ලක්ෂ ගාණකින් අඩු වෙලා

උදේම සුබ පණිවුඩයක් - වාහන මිල ලක්ෂ ගාණකින් අඩු වෙලා