සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

Report

අද(12) දින සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එසේම අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට උදැසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

නව ආදායම් මාර්ග පෑදෙන අද දිනය මේ ලග්න හිමියන්ට සුවිශේෂී ලාභාංශ එක්ක ණය බරින් නිදහස් වීමට හැකි වේ

නව ආදායම් මාර්ග පෑදෙන අද දිනය මේ ලග්න හිමියන්ට සුවිශේෂී ලාභාංශ එක්ක ණය බරින් නිදහස් වීමට හැකි වේ

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්