අද 1 න් පස්සේ මි.මී. 75ට වැඩි වර්ෂාපතනයක්

Report

අද (7) දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

රටේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

රටම පරිස්සමෙන් - අනතුරු නිවේදන නිකුත් වේ

රටම පරිස්සමෙන් - අනතුරු නිවේදන නිකුත් වේ

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

හැමෝමත් එක්ක සතුටින් කාලය ගත කරන්න ලැබෙන අද දවස මේ ලග්නවලට ඉතාම සුබයි

හැමෝමත් එක්ක සතුටින් කාලය ගත කරන්න ලැබෙන අද දවස මේ ලග්නවලට ඉතාම සුබයි

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්