වැසිබර කාලගුණයක් - ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ඉක්මවූ තද වැසී
By Shehan
අද (03) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළු පිරි තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවනු ඇත.
ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.