අද දවල් 1න් පස්සේ එළියට යන්නේ බලාගෙනයි - ජනතාව දැනුවත් වෙන්න

Report

අද (04) ප.ව 1.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.

පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ චක්‍ර ලේඛයක් - දඬුවම් කළොත් නීතිමය පියවර

පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ චක්‍ර ලේඛයක් - දඬුවම් කළොත් නීතිමය පියවර

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු - මැද පළාත්වල සහ වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.