කොල්ලෝ 24ක් එක්ක කෙල්ලෝ දෙන්නෙක් පිදුරුතලාගල රක්ෂිතයේ ෆන් අරන්

Report

 මුහුණු පොත හරහා දැන හැඳින ගත් තරුණයන් 24 දෙනෙක් සහ තරුණියන් දෙන්නෙක් නුවරඑළිය පිදුරුතලාගෙන රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ ගෙන නතර වී සිටින අවස්ථාවක ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය හමුවේ ඔවුන් සිය වරද පිළිගත් බැවින් දඬුවම් නියම කිරීම ඔක්තෝබර් මස 16 වැනිදා දක්වා කල් තැබීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනි ප්‍රබුද්ධිකා මෙනෙවිය නියෝග කලා.

සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් 07 වැනි දින පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් ප්‍රදේශයට ඇතුළු වී කඳවුරු බැඳ අවට ගිනි මැල දල්වා සිටින බවට ලද තොරතුරකට අනුව නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාර්න් විසින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණි.

තව තවත් ඉහළට යන අද රන් මිල

තව තවත් ඉහළට යන අද රන් මිල

අවුරුදු 25ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් 26 දෙනා අතර තරුණියෝ දෙදෙනෙක් ද සිටියහ. එම සැකකරුවන් ගාල්ල, පාණදුර, කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රදේශවල අය බවත්, එම පිරිස මුහුණු පොත හරහා හඳුනාගෙන මෙහි පැමිණ ඇති බවත් විමර්ශනයේදී අනාවරණය විය.

රටපුරා අනතුරු 2000කට වැඩි පිරිසක් මරුට

රටපුරා අනතුරු 2000කට වැඩි පිරිසක් මරුට

නුවරඑළිය දිසා වන නිලධාර් පරාක්‍රම වනිගසිංහ මහතාගේ අධීක්ෂණයෙන්, නුවරඑළිය අඩවි වන නිලධාරී එච්. එන්. එස්. නිස්සංක, බීට්ටු වන නිලධාරී මේනක කරුණාරත්න, ක්ෂේත්‍ර සහායකවරුන් වන ඒ. පී. එම්. විමලරත්න, ඕ. ජී. උපාලි, ටී. එම්. ප්‍රසාද්, බන්දුල වීරසිංහ, යූ. එස්. බී. දිසානායක සහ කම්කරු උදයකුමාර් මෙහෙයුමක් ආරම්භ කර සැකකරුවෝ අත්අඩංගුවට ගත්හ.

විදෙස් ගත දෙමව්පියන්ගේ දරුවන්ට ජනවාරි 01 වැනිදා සිට බැංකු ගිණුමට ලැබෙන දේ මෙන්න

විදෙස් ගත දෙමව්පියන්ගේ දරුවන්ට ජනවාරි 01 වැනිදා සිට බැංකු ගිණුමට ලැබෙන දේ මෙන්න