ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත් කරයි

Report

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ. අදාළ පත් කිරීම අගෝස්තු 20 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, 2027 දෙසැම්බර් 31 වැනිදා දක්වා එය බලාත්මකව පවතිනු ඇත. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ කාලය තුළ හෂාන් තිලකරත්න 1989 සිට 2003 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළේය.

එම කාලය තුළ ඔහු ටෙස්ට් තරග 83කට සහ එක්දින ජාත්‍යන්තර තරග 200කට ක්‍රීඩා කර ඇති අතර, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 8,200ක් රැස්කර තිබේ. ක්‍රීඩකයෙකු ලෙස ලැබූ දීර්ඝ ජාත්‍යන්තර අත්දැකීම් සමඟින් හෂාන් තිලකරත්න මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ වගකීම භාර ගැනීමට නියමිතය.

ධනංජයගේ නායකත්වයෙන් සහ කමිඳුගේ උපනායකත්වයෙන් ඉන්දියාවට මුහුණ දෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න

ධනංජයගේ නායකත්වයෙන් සහ කමිඳුගේ උපනායකත්වයෙන් ඉන්දියාවට මුහුණ දෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකා - ඉන්දියා තරගයත් සමඟ ගාල්ල ක්‍රිකට් පිටිය හෙට ඓතිහාසික 50 වැනි ජාත්‍යන්තර කඩඉම පසුකරයි

ශ්‍රී ලංකා - ඉන්දියා තරගයත් සමඟ ගාල්ල ක්‍රිකට් පිටිය හෙට ඓතිහාසික 50 වැනි ජාත්‍යන්තර කඩඉම පසුකරයි