මේ ආයතනයට පඩි වැඩි කරන්න ඉල්ලීමක්
මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප අභියානාධිකරණ සභාපති විනිසුරුවරයාගේ වැටුපට සමාන කරන ලෙසට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම 2024 දී අභියාචනාධිකරණ සභාපති විනිසුරවරුවරයාගේ වැටුපට සමාන වැටුපක් අල්ලස් කොමිසමේ සභාපතිවරයාට ලබාදීමට එකඟතාවයකට පැමිණියද එය තවම ක්‍රියාත්මක වී නොමැති බව ද ඔහු සදහන් කරයි.
2024 පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගේ වැටුප වැඩිවී තිබෙන අතර ඵම නිසා 2025 ජනවාරියේ සිට අල්ලස් කොමිසමේ සභාපතිවරයාගේ ද වැටුප ඵ් හා සමානව වැඩි විය යුතු බවයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.
නමුත් මේ දක්වා වැඩි නොකිරීම නිසා අල්ලස් කොමිසමට අසාධාරණයක් සිදුවී ඇති බවත් එම නිසා අල්ලස් කොමිසමේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
මේ වන විට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගේ වැටුප සහ අල්ලස් කොමිසමේ සභාපතිවරයාගේ වැටුප් අතර පරතරය දෙගුණයකට ආසන්න වන බවද වාර්තා වෙනවා.