මෙරට අධ්‍යාපනයේ විශේෂ වෙනසක්. - අගමැති හරිනිගෙන් විශේෂ ප්‍රකාශයක්.

Report

ඉදිරි පුනරුද යුගයට ගැලපෙන පුරවැසියන් බිහිකිරීමට සමත්, සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා.

ඇය මේ බව කියා සිටියේ, ඉසුරුපායේදී අද (20) අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධුරයේ භාර ගනිමින්.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ, අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්‍ය ධුරයක් භාරගැනීමට ලැබීම සම්බන්ධව තමන් නිහතමානීව සතුටු වන බවත්,එම විෂයේ පවත්නා භාරදූරභාවය තමන් මැනවින් අවබෝධ කරගෙන සිටින බවත්ය.

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

එමෙන්ම නව රජයේ ප්‍රතිපත්ති අනුව ඉහළ ප්‍රමුඛත්වයක් අධ්‍යාපනයට ලබා දී ඇති අතර, පාසල් අධ්‍යාපනය නිසි ක්‍රමික රටාවකට හා කාලසටහනකට අනුව සාර්ථකව ක්‍රියාත්මක කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතු බවත්, ඊට අවශ්‍ය වන පරිදි වර්තමානයේ අධ්‍යාපන ක‍්ෂේත්‍රය තුළ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන් අතර ඒ සියලු දෙනාගේ නොමඳ සහාය ඊට අත්‍යවශ්‍ය බව ද ඇය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අද දිනයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කේ. එම්. ජී. එස්. එන්. කලුවැව මහතාද සිය ධුරයේ වැඩ භාරගත් ගනු ලැබුවා.

ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. - 23 වන විට පීඩන අවපාතයක්.

ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. - 23 වන විට පීඩන අවපාතයක්.

හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

හදිසියේම අත්අඩංගුවට ගත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)