"ඉන්දියාව තරුණ අයට දෙද්දී ලංකාවෙන් පත් කරලා තියෙන්නේ 80 දශකයේ සෙල්ලම් කරපු අය" - හිටපු ක්‍රීඩා ඇමති
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව සඳහා මෑතකදී සිදුකළ වෙනස්කම් නීතිවිරෝධී බවත්, එමඟින් ක්‍රිකට් පරිපාලනය තවදුරටත් දේශපාලනීකරණය වීමේ අවදානමක් පවතින බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෑතකදී පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුව පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වෙනුවට, පළමු පියවර ලෙස තේරීම් කමිටු සාමාජිකයන් වෙනස් කිරීමට කටයුතු කර ඇති බවය.
තේරීම් කමිටුව පත් කිරීමේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර නොමැති බවත්, අදාළ තනතුරු සඳහා නාම යෝජනා කැඳවීමක් සිදු කර නොමැති බවත් ඔහු චෝදනා කළේය.
"මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි" - ඇතැමුන් නැඟූ චෝදනාවලට ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින් මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ යහපාලන ප්‍රතිසංස්කරණ මූලික කරගත් පරිවර්තනයක් අවශ්‍යව තිබූ බව පෙන්වා දුන් හරින් ප්‍රනාන්දු මහතා, තේරීම් ක්‍රියාවලියට මෙවැනි මැදිහත්වීම් ක්‍රීඩාවට බරපතළ බලපෑම් ඇති කළ හැකි බවද අනතුරු ඇඟවීය.
නව පත්වීම් දක්ෂතාවය මතද, නැතහොත් පරිවර්තන කමිටු සාමාජිකයන්ගේ පෞද්ගලික සබඳතා මතද යන්න ප්‍රශ්න කළ ඔහු,
“ඉන්දියාව වැනි රටවල් තරුණ හිටපු ක්‍රීඩකයන් තේරීම් කමිටු සඳහා පත් කරද්දී, මෙහි 1980 දශකයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් පත් කර තිබෙනවා.. නියම පරිවර්තනයක් වෙනුවට මෙය දේශපාලන ව්‍යායාමයක් බවට පත්වෙමින් තිබෙන බව පෙනෙනවා””
යැයිද සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් ලිපියක් - තමාව ධූරයෙන් ඉවත් කිරීම ගැන ගැටලුවක්
වත්මන් නවීන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අවබෝධය, ක්‍රීඩක ප්‍රමිතීන්, සමාජ මාධ්‍ය පීඩනය සහ වාණිජ පරිසරය පිළිබඳ දැනුම ඇති තේරීම් කමිටු අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය. තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි සමයේ උපුල් තරංග මහතා තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කළ බවද ඔහු සිහිපත් කළේය.
අවසානයේ, “නියම පරිවර්තනයක් වෙනුවට මෙය දේශපාලන ව්‍යායාමයක් බවට පත්වෙමින් තිබෙන බව පෙනෙනවා” යැයි හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.