මේ පැතිවල කොණ්ඩේ රැවුල බාන්න 200ට වඩා ගන්න බෑ - පාසල් සිසුන්ට නානාප්‍රකාර කොණ්ඩ කැපීමත් තහනම්
මුතූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන සියලුම කොණ්ඩා මෝස්තර මධ්‍යස්ථාන සඳහා නව ස්ථාවර මිල ගණන් සහ රෙගුලාසි මාලාවක් ඇතුළත් නිල නිවේදනයක් ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
අදාල නිවේදනයට අනුව 2026 පෙබරවාරි 16 වන දින පැවති සාකච්ඡාවකදී ගත් තීරණවලට අනුව මෙම නීති රීති 2026 පෙබරවාරි 20 වන දින සිට ක්‍රියාත්මක වේ.
මුතූර් ප්‍රාදේශීය සභාව දැනට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ පාලනය යටතේ පවතින අතර රූපලාවණ්‍යාගාර මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) විසින් නියම කර ඇති ව්‍යුහාත්මක සහ සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර සෞඛ්‍ය රීති උල්ලංඝනය කරන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගනු ඇති බව වාර්තා වේ.
රූපලාවණ්‍යාගාර හිමියන් 2026 මාර්තු 5 වන දිනට පෙර ප්‍රාදේශීය සභාවෙන් වලංගු වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතු අතර බලපත්‍ර රහිතව පවත්වාගෙන යන ආයතන වසා දැමීමට පියවර ගැනෙයි.
පාසල් සිසුන්ට නුසුදුසු යැයි සැලකෙන කොණ්ඩා මෝස්තර, මෝස්තර නිර්මාණ සහ වර්ණ ගැන්වීම් තහනම් වෙන අතර අවසර දෙනු ලබන්නේ පාසල් විනය රීතිවලට අනුකූල මෝස්තර සඳහා පමණයි.
ප්‍රාදේශීය සභාව විසින් නියම කර ඇති නව මිල ගණන් පහතින්,
- කොණ්ඩය කැපීම: රු. 300.00
- රැවුල බෑම: රු. 200.00
- රැවුල සැකසීම (Design): රු. 300.00
- හිස මුඩු කිරීම: රු. 300.00
- කොණ්ඩය කැපීම සහ රැවුල බෑම: රු. 500.00 කොණ්ඩය
- රැවුල සැකසීම: රු. 600.00
පාසල් සිසුන් සඳහා විශේෂ සහන මිල ගණන්:
- අවුරුදු 10 ට අඩු සිසුන් සඳහා: රු. 200.00
- අවුරුදු 10 ට වැඩි සිසුන් සඳහා: රු. 250.00