දෙවියනේ අහස පොළොව නුහුලන අපරාධයක් - මුණුපුරාගේ පහරදීමකින් මිත්තණියට දිවි අහිමිවෙයි

Report

තඹුත්තේගම, මල්වානේගම ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මුණුපුරා විසින් එල්ල කළ පොලු පහරකින් 82 හැවිරිදි කාන්තාවක ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (08) උදෑසන සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මුණුපුරා සහ මිත්තණිය අතර පැවති ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් ඇයට මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇති බවයි.

සාමය විනාසයි? ලෝකෙම හිරිවට්ටමින් මිනිත්තු 10ට ලෙබනනයේ ඉලක්ක 100කට දරුණු ප්‍රහාර - ඉරානයෙන් රතු එළි

සාමය විනාසයි? ලෝකෙම හිරිවට්ටමින් මිනිත්තු 10ට ලෙබනනයේ ඉලක්ක 100කට දරුණු ප්‍රහාර - ඉරානයෙන් රතු එළි

ඒ අනුව ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 82ක කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 23ක් වන මරණකාරියගේ මුණුපුරා තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තඹුත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

බීමත් රියදුරන්ට දැඩි නීති ක්‍රියාමාර්ග

බීමත් රියදුරන්ට දැඩි නීති ක්‍රියාමාර්ග