දිට්වා ආපදා සහන කටයුතු කොට උඩ.. සහන සේවා කටයුතුවලින් ග්‍රාම නිලධාරිවරුන් ඉවතට

Report

ග්‍රාම නිලධාරීවරුන්, තාක්ෂණික නිලධාරීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් අද (පෙබරවාරි 27) සිට සියලු ආපදා සහන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් 2025 නොවැම්බර් අග සහ දෙසැම්බර් මුලදී සිදු වූ දැඩි ගංවතුර, නායයෑම් සහ හානිවලට වන්දි ගෙවීම සඳහා නිසි තක්සේරු ක්‍රමවේදයක් නොමැති වීම, සහන කටයුතුවල නිරත නිලධාරීන්ට ලැබිය යුතු පහසුකම් මෙන්ම දීමනා නොගෙවීම යන කරුණු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා පවසයි.

ආපදා සහන නවතීද ? ආපදා සහන නිලධාරීන් වර්ජනයේ

ආපදා සහන නවතීද ? ආපදා සහන නිලධාරීන් වර්ජනයේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම බලපෑමට ලක් වූ අතර, මරණ 600කට අධික ප්‍රමාණයක් වාර්තා වූයේය. නිවාස ලක්ෂ ගණනකට හානි සිදු වූ අතර, ජනතාව ලක්ෂ ගණනකට බලපෑම් එල්ල විය. මෙම ආපදාවෙන් පසු දින 90කට ආසන්න කාලයක් ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීන් අඛණ්ඩව සේවය කළද, තවමත් ඔවුන්ගේ ඉල්ලීම් සපුරාලීමට රජය කටයුතු නොකිරීම මෙම තීරණයට හේතු වී ඇත.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පය මත ක්‍රියාත්මක ආරෝග්‍යා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල කටයුතුවලින් සදුදා සිට ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි

වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි

ඒ ඔවුන් මේ වනවිට දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් අත්තනායක මහතා පවසන්නේ, දේශපාලන අරමුණු මත පදනම් වූ මෙවැනි සායන 50ක් පමණක් ක්‍රියාත්මක බවයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට සේවක හිගයක් පවතින අවස්ථාවක මේ සඳහා සහය නොදීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය. 

අස්වැසුම දීමනාව ඇතුළු තවත් දීමනාවක් බැංකුවට - වැටෙන දිනය මෙන්න

අස්වැසුම දීමනාව ඇතුළු තවත් දීමනාවක් බැංකුවට - වැටෙන දිනය මෙන්න