ආපදා සහන නවතීද ? ආපදා සහන නිලධාරීන් වර්ජනයේ

Report

මෙරටට බලපෑ ''දිට්වා” සුළි කුණාටුව නිසා ආපදාවට ලක්වූවන්ට සහන ගෙවීම් රාජකාරි කටයුතුවලින් ශ්‍රී ලංකාවේ සියලු ම ග්‍රාම නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන්, තාක්ෂණ නිලධාරීන් අද (පෙබ. 27) සිට ඉවත් වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමයේ සභාපති පාලිත උපුල් කුමාර මහතා සඳහන් කර තිබේ .

තවද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමයේ ලේකම් නෙවිල් විජේරත්න පොදු සංගමය වෙනුවෙන් සදහන් කළේ රජයේ සේවකයන් 16,000ක් සහභාගී වන බව ත් මේ අනුව දිට්වාවලට සම්බන්ධ සියලු ම රාජකාරි සම්පූර්ණයෙන් ම නතර වන බවයි .

මෙම තීරණය තිබෙනුයේ සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ග්‍රාම නිලධාරි සංගමය, සමස්ත ලංකා මධ්‍යම රජයේ තාක්ෂණික සංගමය සහ සිවිල් නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය යන සංගම් ඒකාබද්ධතාවය මගිනි.

ඒ අනුව ආපදා තත්වයට මේ වන විට දින 93කට අධික කාලයක් ගත වී තිබේ.

මේ අනුව සංගම් පවසන්නේ, නිසි මූල්‍ය විනයක් සහිත චක්‍රලේඛ නිකුත් නොවීම, උපදෙස් පරස්පර වීම, කෙටි කාලයකින් නිතර සංශෝධන, සාකච්ඡා මගින් එකඟ වූ කරුණු ක්‍රියාත්මක නොකිරීම, දීමනා හා ඉන්ධන පහසුකම් නොලැබීම, ආරක්ෂක උපකරණ නොදීම යනාදී ගැටලු හේතුවෙන් නිලධාරීන් දැඩි පීඩනයකට පත්ව ඇති බව ද සාමූහිකව නිකුත් කළ නිවේදනයේ ප්‍රකාශ කර ඇත.

පාලිත උපුල් කුමාර ඒ බව සඳහන් කළේ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතේ ආපදාවට ලක්වූවන්ට වන්දි ලබා දීම පිළිබඳ කළ විමසීමකදී ය.

තවද එතුමා සදහන් කළේ ආපදාවට ලක් වූවන්ට රුපියල් ලක්ෂ පහේ වන්දි ගෙවීමට තම සංගමය අකැමැති නොවන බව ත් එම වන්දි මුදල් ලබා දීමේදී ග්‍රාම නිලධාරීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් රජය මගින් අවදානමකට පත්කර ඇති බවයි.

සරසවි සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

සරසවි සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට වන්දි ගෙවීම් කටයුතුවල තිබෙන අවුල්සහගත තත්ත්වයන් සහ තමන්ට ලබා දෙන දීමනාවන් නොදී සිටීමට ගෙන ඇති තීන්දුවලට විරෝධය පළ කරමින් තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පසුගිය 23 වන දා සියලු වෘත්තීය සංගම් සමග පැවති සාකච්ඡාවකදී “දිට්වා” වන්දි ගෙවීම් රාජකාරි කටයුතුවලින් අද සිට ඉවත් වීමට තීරණය කර ඇති බවත් සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමයේ සභාපති පාලිත මහතා ප්‍රකාශ කර ඇත  .

‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්