වෛද්‍යවරුන්ගේ වරදින් මියගිය ජපුරේ උපාධිධාරිණියගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ දේ.- (PHOTO)

Sri Lanka Police Mannar Hospitals in Sri Lanka Death Doctors
By Wayomi Jul 31, 2024 12:12 PM GMT
Wayomi

Wayomi

Report

මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා 27 හැවිරිදි තරුණ උපාධිධාරිණි තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය තරුණියගේ මව 29 වනදා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක්කර තිබෙනවා.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?


එලෙස මියගොස් ඇත්තේ, මන්නාරමේ තම්පනායීකුලම් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන මාරියරාජ් සින්ධුජා වන අතර මෙම තරුණිය මන්නාරම රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව ඇයව නිවසට එවා ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුදින සිටම ඇයට බරපතල ලෙස රුධිරය වහනය වීමට පටන් ගෙන ඇති අතර ඇය මුරුන්කන් රෝහලට ඇතුළත් වීමෙන් පසුව තත්ත්වය අසාධ්‍ය බැවින් ගිලන් රථයක් මගින් මන්නාරම දිස්ත්‍රික් රෝහල වෙත ඇයව මාරු කොට යවා ඇත.

කිරිපිටි මිල අඩු කරයි? - අමාත්‍යංශය පැත්තෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

කිරිපිටි මිල අඩු කරයි? - අමාත්‍යංශය පැත්තෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.


එහිදී රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස වෛද්‍යවරු සලකා තරුණ මවට ප්‍රතිකාර ලබා දීමක් සිදු නොකළ බවයි වාර්තා වන්නේ.

අවසානයේදී අධික ලෙස රුධිරය වහනය වීම නිස ඇය සිහිසුන් වූ පසුව වෛද්‍යවරු ඇයව පරීක්ෂා කොට ප්‍රතිකාර ලබා දීම ආරම්හ කළ බවත් ස්වල්පවේලාවකට පසුව ඇය මියගිය බවත් ඇයගේ මව සඳහන් කරනවා.

රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක හදිසියේම ඉන්ධන හිඟයක්.? - මිල සංශෝධනය ගැනත් අලුත්ම ආරංචියක්.

රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක හදිසියේම ඉන්ධන හිඟයක්.? - මිල සංශෝධනය ගැනත් අලුත්ම ආරංචියක්.


මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසාද් එම් හනීපාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසූ විට ඔහු පැවසුවේ මියගිය කාන්තාව සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධික ලෙස රුධිරය වහනය වීම නිසා හා කම්පනය නිසා මේ මරණය සිදු වූ බවට මූලිකව නිගමනය වී ඇති බවයි.

කෙසේ වෙතත් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ඇගේ දේහයේ අවයව කීපයක් කොළඹට යවා ඇති අතර එම පරීක්ෂණවලින් පසුව කාන්තාව මියයාමට හේතුව නිශ්චිතව නිගමනය කළ හැකි බවයි.

ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්‍ෂයි? - ධම්මික පෙරේරාටත් ණය දිය හැකියි. - එළියට ආ අලුත්ම අනාවරණය.- (VIDEO)

ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්‍ෂයි? - ධම්මික පෙරේරාටත් ණය දිය හැකියි. - එළියට ආ අලුත්ම අනාවරණය.- (VIDEO)


ඒ, අනුව එම පරීක්ෂණවලදී වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මේ මරණය සිදුව ඇත්නම් එම වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සදහන් කළ වෛද්‍ය අසාද් එම් හනීපා දැනටමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි වැඩිදුරටත් පවසා සිටියේ.

TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ ලෙඩ වූ හැටි. - විමර්ශන ඇරඹෙයි.

TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ ලෙඩ වූ හැටි. - විමර්ශන ඇරඹෙයි.


Gallery