ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවට අත්අඩංගුවට ගත්ත.. ඉහළ පුටුවක නිළධාරියා ගැන ගත්ත තීරණය මෙන්න..

Sri Lanka Police Grade 05 Scholarship examination Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Sep 23, 2024 11:37 AM GMT
krishani

krishani

Report

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් මහරගම, ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණින.

අනුර කුමාරගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට අලුතෙන් ආ කෙනා මෙන්න.. වහාම ගැසට්ටුවකුත්.. (PHOTO)

අනුර කුමාරගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට අලුතෙන් ආ කෙනා මෙන්න.. වහාම ගැසට්ටුවකුත්.. (PHOTO)

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ඔහුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 57 හැවිරිදි අයෙකු බව සඳහන් වේ.

ඔහු විසින් අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

වහාම, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා පත් කරයි..(PHOTO)

වහාම, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා පත් කරයි..(PHOTO)


මේ අතර පසුගිය දා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් මාර්ගයෙන් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපතිවරයා, නිරීක්ෂක සහ එහි සේවය කළ තවත් ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් වී තිබුණි.

උතුරුමැද පළාත් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලබාදුන් වාර්තාවෙන් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එමෙන්ම, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සුදුසුයැයි අනුමත කර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමුකර ඇති බව වාර්තා විය.

හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් නව ජනපතිට විශේෂ පණිවිඩයක්.. (PHOTOS)

හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් නව ජනපතිට විශේෂ පණිවිඩයක්.. (PHOTOS)


පසුගිය 20 වනදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාක්ච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන තෙක් විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පවත්වනු ලැබූ 2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2,849කදී දූ දරුවන් 323,7879ක් පෙනී සිටියේ ය.

කෙසේවෙතත්, විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවූ බවට අනාවරණ වීමත් සමඟ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.

වැල් පාලමේ අවසානය පෙනි පෙනී ලක් දරුවා අනුරට භාර දී ජනපති රනිල් යන්න යයි.. අවසානයේ කීව දෙය මෙන්න..

වැල් පාලමේ අවසානය පෙනි පෙනී ලක් දරුවා අනුරට භාර දී ජනපති රනිල් යන්න යයි.. අවසානයේ කීව දෙය මෙන්න..


පසුගිය දින කිහිපයේදීම මව්පියන් විභාග දෙපාර්මේන්තුව ඉදිරිපිට ඇතුළු ප්‍රදේශ රැසකදී විරෝධතාවල ද නිරත විය.

ඒ සිය දරුවන්ට සාධාරණය ඉල්ලමින් ය.

කෙසේ වෙතත්, ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%