ස්වාධීන අභිචෝදක කාර්යාලයක් සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට රජයෙන් පියවර

Report

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට විද්වත් කමිටුවක් පත්කිරීමට රජය පියවර ගෙන ඇත.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසන පරිදි, එම කමිටුවේ සාමාජිකයින් සමඟ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අදාළ මුලික සැලසුම් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව අමාත්‍යාංශය සඳහන් කළේය.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'ටිංකර්' රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'ටිංකර්' රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

එහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් පසු, මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යාංශය පවසයි.

මෙම සාකච්ඡාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි - ආරක්ෂක ඇමති කියයි

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි - ආරක්ෂක ඇමති කියයි

කරන කියන රැකියා සුබ වෙන අද දවසේ මේ ලග්නවලට වස්තුව උතුරයි

කරන කියන රැකියා සුබ වෙන අද දවසේ මේ ලග්නවලට වස්තුව උතුරයි