රජයේ දේපල පිළිබඳ දැඩි තීරණයක් - බංගලා 24ක් ගැන නව නියෝග

Report

හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලකයින් නිල නිවාස ලෙස භාවිත කළ රජය සතු බංගලා නිවාස සහ ඌන උපයෝජනයකින් තිබෙන වෙනත් රජයේ නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස යොදාගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් සෙවීමට 2024 දෙසැම්බර් 09 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කෙරිණි.

ඒ අනුව පත්කළ නිලධාරී කමිටුවේ වාර්තාව මත, තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍යතාන්ත්‍රික භාවිතයන්, රජයේ ආයතන මෙන්ම ඉහළ මට්ටමේ අවන්හල් හෝ බුටික් හෝටල් වැනි ඵලදායී ආයෝජන ව්‍යාපෘති සඳහා මෙම බංගලා යොදාගැනීම නිර්දේශ කෙරිණි.

ජීවිතේ හැරෙන මොහොතක්ද? අද ලග්න පලාපල කියන දේ මෙන්න

ජීවිතේ හැරෙන මොහොතක්ද? අද ලග්න පලාපල කියන දේ මෙන්න

  

එම නිර්දේශ අනුව මූලිකව හඳුනාගත් බංගලා නිවාස 24ක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතිය යටතේ සමාජ ගැටලු ඇති නොවන ආකාරයට වසර 30ක කාලයකට බදු පදනම් කර ලබාදීමට සැලසුම් කෙරේ.

යෝග්‍ය ආයෝජකයින් හඳුනාගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ (Expression of Interest) කැඳවීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

මෙමගින් රජයේ වත්කම් අකාර්යක්ෂම ලෙස භාවිත වීම වළක්වා ආදායම් උත්පාදනය කිරීමටත්, ආර්ථිකයට දායක වීමටත් අපේක්ෂා කෙරේ.

ඉදිරි පැය 12 ඉතා අවදානෙන් - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 12 ඉතා අවදානෙන් - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්