මාධ්‍ය හැඳුනුම්පත් නව රෙගුලාසි අනුව පමණයි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට පෙර අවිධිමත් ලෙස නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත් දැන් නව රෙගුලාසි මත පදනම්ව පමණක් නිකුත් කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බණ්ඩාර මහතා පැවසීය.
මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය හැඳුනුම්පත් 8,100කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත්, සුදුසුකම් ලත් අපේක්ෂකයන් තෝරාගැනීමෙන් මෙය 5,000 දක්වා අඩු කිරීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ නගරාධිපති බල්තසාර්ගේ නමත් කළු වෙයි - ගල් අඟුරු ටෙන්ඩරේ යෝෂිතගේ යාළුවගේ නෙවේ බල්තසාර්ගේ මස්සිනාගෙලු
2026 වසරේදී ප්‍රාදේශීය මාධ්‍ය ආයතන 877ක මාධ්‍යවේදීන් 4,700කට පමණක් නව මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත්, රාජ්‍ය ආයතනවල මාධ්‍ය ඒකක ඇතුළත් කළහොත් මෙම සංඛ්‍යාව 5,000 දක්වා ඉහළ යන බවත් ඔහු පැහැදිලි කළේය.
කාඩ්පත් ගණන අඩු කිරීම යනු සුදුසුකම් ලත් මාධ්‍යවේදීන් නොසලකා හැරීමක් නොව, නුසුදුසු අය විසින් මෙම හැඳුනුම්පත් අනිසි ලෙස භාවිතා කිරීම අවම කිරීම බවත් ඔහු අවධාරණය කළේය.
අයවැයෙන් වෙන් කර ඇති අරමුදල් හරහා රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට විධිමත් අවස්ථා ලබා දෙනු ඇති බවත්, එහිදී කිසිදු භේදයකින් තොරව ක්‍රියා කරන බවත් ඔහු සඳහන් කළේය.
මීට අමතරව, විදේශ සංචාර සඳහා මීට පෙර නිලධාරීන් කිහිප දෙනකු පමණක් සහභාගී වී ඇති අතර, දැන් එම අවස්ථා සියලුම මාධ්‍යවේදීන් සමඟ ක්‍රමානුකූලව බෙදාහැරීමට කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සහතික විය.
මෙම නව රෙගුලාසි හරහා මාධ්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය හා වගවීම වැඩිදියුණු කිරීම රජයේ අරමුණ බවත්, එය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආචාරධර්මයන් ආරක්ෂා කිරීමටද උපකාරී වන බවත් හර්ෂ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.