මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් අද සිට GovPay හරහා
මධ්‍යම පරිසර අධිකාරියේ සියලු ගෙවීම් කටයුතු අද (26) සිට GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය හරහා සිදු කරන බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම නිවේදනයට අනුව, මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ට ඕනෑම ගෙවීම් කටයුත්තක් GovPay හරහා කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට අවස්ථාව හිමි වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ඩිජිටල් ගෙවීම් ක්‍රමය රජයේ ඩිජිටල් රාජ්‍යකරණ ප්‍රතිපත්තියට අනුකූලව හඳුන්වා දුන් පියවරක් ලෙස සැලකෙන අතර, මේ වන විට රජයේ ආයතන 137ක් GovPay හරහා සම්බන්ධ වී ඇත. මධ්‍යම පරිසර අධිකාරිය 138 වන ආයතනය ලෙස මෙම පද්ධතියට එක්ව ඇති බවත්, මෙමගින් සේවාලාභීන්ට වඩාත් පහසු සහ ඵලදායී සේවාවක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
මෙම පියවර රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ රජයේ ප්රයත්නයේ තවත් එක් පියවරක් ලෙස සැලකේ.