ආණ්ඩුව හදන්නේ මේ රට තුළ ‘ඩ්‍රග්ස්’ සහ ‘සෙක්ස්’ සංස්කෘතිය ඇති කරන්න මේක විකෘතියක් - විමල් [VIDEO]

Report

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුව හදන්නේ මේ රට තුළ ‘ඩ්‍රග්ස්’ සහ ‘සෙක්ස්’ සංස්කෘතිය ඇති කරන්න දැයි යනුවෙන් ප්‍රශ්න කර‍යි.

ඔහු මෙසේ ප්‍රශ්න කර සිටියේ පාසල් පද්ධතියට අලුතින් එක්කර ඇති නව පනත් සංශෝදනය දැඩි ලෙස විවේචනයට ලක් කරමින්.

ඒ අනුව විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

පාසල් දරුවන්ට කොන්ඩම් බෙදන්න යනවා අපේ ඇඟ විකුණලා අපිට රටට කන්න බොන්න හොයාගන්න ඕන කමක් නෑ - අගරදගුරු

පාසල් දරුවන්ට කොන්ඩම් බෙදන්න යනවා අපේ ඇඟ විකුණලා අපිට රටට කන්න බොන්න හොයාගන්න ඕන කමක් නෑ - අගරදගුරු

"මේ පනත් කෙටුම්පත සම්බන්ධව අග්‍රාමාත්‍යවරිය ගුරුවරුන් පිරිසක් කැඳවලා කියනවා ඒක කළේ පාසල හෝ ගුරුවරුන් ඉලක්ක කොටගෙන නෙමෙයි කියලා. ඊළඟට කියනවා පාසල් පද්ධතියට, ගුරුවරුන්ට වගේම දෙමව්පියන්ට බලපාන්නෙ නැහැ කියලා. මේ පනතේ ‍කොතැනකවත් එහෙම අර්ථකථනයක් නැහැ. ඊළඟට තියෙනවා දරුවන්ට මානසික හිංසනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියල ඒ හිංසනය කොයි වගේ එකක්ද කියලවත් අර්ථකතනය කර නැහැ. මේ හදන්නේ නව ලිබරල්වාදය ගෙනැවිත් බටහිර සමාජය වයස අවුරුදු 16 න් පසුව දරුවන්ට ලිංගික නිදහස ලබා දීලා, ගෙදරින් එළියට දාලා විනාශ වෙච්ච සමාජය අපිටත් උරුම කරන්නද..? ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කරගත්ත ඒ විනාශය කරගන්නද. අද ට්‍රම්ප් ජනපතිවරයත් මේක වෙනස් කරන්න හදනවා. ඒ එයින් ඔවුන්ගේ සමාජ සංස්කෘතියට වෙච්ච දේ තේරුම් ගත් නිසා. අපේ රටේ රාජ්‍ය නොවන සංවිධානවල න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරන අය බලනවා මෙහාටත් ඒක ගෙනැල්ල අපේ සංස්කෘතියත් විනාශ කරන්න. පවුල් සංස්ථා කඩා බිද දමන්න. මොනවද මේ විකාර. මෙහෙම යද්දි ළමයි ඉස්කෝ‍ලේටත් ඒවී ටැටූ ගහගෙන, කොණ්ඩ පාට කරගෙන. පිරිමි ළමයි කරාබු දාගෙන. ගුරුවරුන්ට මුකුත් කරන්න බැහැ. මේක විකෘතියක්." යනුවෙන්.

LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට නාමල්ගෙන් දැඩි විරෝධයක්

LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට නාමල්ගෙන් දැඩි විරෝධයක්

අයිස් කැලේ මෙන්න අයිස් වගේ සියගුණයක් දරුණු මත්ද්‍රව්‍යක් ලංකාවෙන්

අයිස් කැලේ මෙන්න අයිස් වගේ සියගුණයක් දරුණු මත්ද්‍රව්‍යක් ලංකාවෙන්