මේ අයගේ අමතර සේවා දීමනා චක්‍රලේඛය අවලංගුයි.. ලබන 31 පෙරවරු 8.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක්

Report

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් ලබන 31 වැනි දින පෙරවරු 08.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත.

ඒ ඔවුන්ගේ "අමතර සේවා දීමනා" සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් බව සඳහන්.

2026 අගෝස්තු 29 වන දින මුල් කරගනිමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතර එහිදී ඖෂධවේදීන්ගේ අධිකාල දීමනා නිල නාමය වෙනස්කර "අමතර සේවා දීමනා" වශයෙන් සංශෝධනය කර ඇත.

එහෙත් පසුව කිසිදු පිළිගත හැකි හේතුවක් නොදන්වා වෛද්‍ය සේවාව විසින් සිදු කරනු ලබන බලපෑම පදනම් කරගෙන එම චක්‍රලේඛය අවලංගු කර ඇති බවට එම සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා චෝදනා කරයි.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

එමෙන්ම එම ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බව සඳහන්.

එබැවින් අදාළ චක්‍රලේඛය බලගන්වන ලෙස ඉල්ලා සිටින අතර එසේ නොකරන්නේ නම් එය බලගන්නවන ලෙස බලකරමින් මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අජිත් පී තිලකරත්න මහතා සඳහන් කරයි.

එමෙන්ම සියලුම මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතන මානුෂීය කාරණා පිළිබඳ අවධානය යොමු කර ඉවත් කරන බව ද ඔහු පවසයි.

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

සෙසු සියලුම රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවත් ඒ ඒ ආයතන සහ රෝහල් තුළ ප්‍රධාන ඖෂධවේදීන් අමතා ආයතන ප්‍රධානීන්ට එම සේවාවන් ලබාගත හැකි බවත් ඔවුන් තවදුරටත් දන්වා සිටියි.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි අපහසුතා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා වැඩිදුරටත් පවසා ඇත.

ලංකාවම හිරි වැටෙන අනතුරු ඇඟවීමක් - නේපාල ඛේදවාචකය වැනි සිදුවීම් ලංකාව තුළත් සිදුවිය හැකි බවට රතු එළියක්

ලංකාවම හිරි වැටෙන අනතුරු ඇඟවීමක් - නේපාල ඛේදවාචකය වැනි සිදුවීම් ලංකාව තුළත් සිදුවිය හැකි බවට රතු එළියක්

පොල්ගහවෙල සිට ගිය දුම්රිය පීලි පනී- උතුරු දුම්රිය ධාවනය පමා වෙයි

පොල්ගහවෙල සිට ගිය දුම්රිය පීලි පනී- උතුරු දුම්රිය ධාවනය පමා වෙයි