රන් මිල අසාමාන්‍ය ලෙස ඉහළට - අවුන්සයක් ඩොලර් 4,500 සීමාව පනී
By Kaushi
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ඉහළ යමින්, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව පළමු වරට පසුකර ඇත.
ඒ අනුව ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මෙම අසාමාන්‍ය මිල ඉහළ යාමට ප්‍රධාන සාධක දෙකක් බලපා තිබෙන බවයි.
එනම් වෙනිසියුලාව ආශ්‍රිතව පවතින දැඩි භූ-දේශපාලනික උණුසුම සහ අමෙරිකාව විසින් එරට තෙල් නැව්වලට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඇති වූ අස්ථාවරත්ව එක් හේතුවක් වේ.

එසේම අමෙරිකානු ෆෙඩරල් බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් පහත හෙළනු ඇතැයි යන අපේක්ෂාව ද මෙයට හේතුව වේ.
මේ අතර ලෝක දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ ආයෝජකයින් වඩාත් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිලදී ගැනීමට පෙළඹීම මෙම ඉල්ලුම ඉහළ යාමට හේතු වී ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම රන් මිලට සාපේක්ෂව රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.